
මාඩි ග්‍රාස් දින දර්ශනයේ ප්‍රධාන උත්සවයක් වන ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබූ Fair Day අවලංගු කර තිබෙනවා.
වික්ටෝරියා උද්‍යානයේ ඇස්බැස්ටස් කොටස් කිහිපයක් හමුවීමෙන් පසු සිදු කළ පරීක්‍ෂණවලින් අනතුරුව ඇස්බැස්ටස් දූෂණය පිළිබඳ පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හේතුවෙන් Fair Day තවදුරටත් නොපවත්වන බවයි නිවේදනය කර ඇත්තේ.
මාඩි ග්‍රාස් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් වන මෙම උත්සවය අවලංගු කිරීම ඇදහිය නොහැකි තරම් බලාපොරොත්තු සුන් කරවන තීරණයක් බව සිඩ්නි නගරාධිපති ක්ලෝවර් මුවර් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ප්‍රජාවගේ ආරක්ෂාවට මුල් තැන දිය යුතු බැවින් මෙම තීරණය ගත් බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
Fair Day යනු විශාල පිරිසක් වඩාත්ම ප්‍රිය කරන උත්සවයක් වන අතර සෑම වසරකම 70,000 කට අධික පිරිසක් සහභාගී වනවා.

උත්සවයේ ඉතිරි කොටස නොවෙනස්ව පවතින අතර බොන්ඩි බීච් සාදය, පෙළපාලිය සහ මාඩි ග්‍රාස් සාදය වැනි උත්සව වැනි විශේෂ අවස්ථා පවතින බවට සංවිධායකයන් සඳහන් කළා.