යුද හමුදා සෙබලෙකුගේ වසර 70ක් ඉපැරණි පෙම් හසුනක් හමුවෙයි

වසර 70ක් ඉපැරණි පෙම් හසුන් මිචිගන් මිනිසෙකුගේ මෙවලම් පෙට්ටියක තිබී හමුව තිබෙනවා.

මෙම මෙවලම් පෙට්ටිය 2017 වසරේ ඇමරිකානු ගොවිපල වෙන්දේසියකදී මිලදී ගෙන ඇති අතර එහිදි හමුවු පෙම් හසුන් ගැන එම මෙවලම් පෙට්ටිය මිලදී ගත් පුද්ගලයා සඳහන් කර තිබුණේ මෙවැන්නක්.

2017 වසරේ මිලදී ගත් මෙවලම් පෙට්ටිය වසර දෙකකට පසු විවෘත කර බැලීමේ දී පෙනි ගොස් ඇත්තේ යුධ හමුදා සෙබලෙකු විසින් එවකට ලියන ලද්දක් බවයි.

මීට වසර 70 කට පෙර ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි මේරි ලී ක්‍රිබ්ස් වෙත කෝප්‍රල් අර්වින් ජීග ෆ්ලෙමින් විසින් ලියන ලද ආදර ලිපියක් ලෙස එය සඳහන්.

මෙම ලිපිය කෝප්‍රල් ෆ්ලෙමින් හමුදාවේ සේවය කළ බැවින් දුරින් වෙන් වූ හදවත් දෙකක කතාවක් ලෙස හැදින්විය හැකියි.

කෝප්‍රල් ෆ්ලෙමිං මේරිගෙන් නොඇසීමෙන් හමුදාවේ ගත කළ කාලය කෙතරම් සෙමින් ගෙවී ගියේද යන්න පිළිබඳ එහි සඳහන්.
කෙසේ වෙතත් මෙම ලිපිය වසර 70කට වඩා ඉපැරණි අතර මෙම පුද්ගලයින් දැනට ජීවත් වනවා ද යන්න නොදනි.

කෙසේ වෙතත් මෙම ලිපිය හමුවු පුද්ගලයා මෙය සමාජ මාධ්‍යට මුදාහරිමින් සඳහන් කර ඇත්තේ මෙහි සැබෑ අයිතිකරුවන්ට ලිපිය ලබා දීමට උත්සහ කරන බවයි.

ලිපියෙහි සඳහන් වු පරිදි කෝප්‍රල් වරයා නැවත නිවාඩුවට නිවසට පැමිණ ඇගේ ආදරවන්තිය හා විවහ වීමට සුදානම් බව ඇයට බලාපොරොත්තුවක් දී ඇති අතර එම බලාපොරොත්තුව ඇයට ලබා දිමට හැකිවුවාද යන්න කිසිවෙකුත් නොදනී.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වුවන් සඳහන් කළේ මෙම ලිපියේ අයිතිකරු සෙවීම ව්‍යර්ත බවයි.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »