සුළි කුණාටුවෙන් වික්ටෝරියාවේ විදුලි සැපයුමට තවදුරටත් බාධා

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිර ගිය සුළි කුණාටු සහ ලැව්ගිනි හේතුවෙන් තවමත් 220,000කට වැඩි පිරිසක් විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටිනවා.

බලශක්ති අංශ බලධාරීන් පවසන්නේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් හෝ ඇතැම් විට සති කිහිපයක් ගත විය හැකි බවයි.

මෙම තත්වය ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම විදුලිය බිඳවැටීමේ සිදුවීමක් ලෙස බලශක්ති අමාත්‍ය Lily D’Ambrosio හඳුන්වා තිබෙනවා.

මෙම සුළි කුණාටු තත්වය ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි මැඩපැවැත්වීමේ උත්සාහයන්ට ද බාධාවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුවෙන් පසු 529,000කට විදුලිය ඇණහිට තිබූ අතර පසුව ඉන් පිරිසකට යළිත් විදුලිය ලබාදී තිබුණා.

කුණාටුව හේතුවෙන් විදුලි රැහැන්වලට ඇති වූ හානි හමුවේ මෙන්ම සම්ප්‍රේෂණ කුළුණු ගණනාවක් කඩා වැටීමෙන් පසු විදුලිය ඇනහිටීම් සිදු වී ඇතැයි සඳහන්.

මෙල්බර්න් නගරයේ ප්‍රවාහනයට ද බාධාවන් ඇති වූ අතර නගරයේ දුම්රිය මාර්ගවලින් අඩක ගමනාගමනය අත්හිටුවා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර විම්මෙරා ප්‍රදේශයේ, වසර හතරකට පෙර ඇති වූ ව්‍යසනකාරී ලැව්ගිනිවලින් පසු ඇති වූ දරුණුතම තත්ත්වය මෙය ලෙසටයි සැලකෙන්නේ.

එම ලැව්ගිනි හේතුවෙන් 480 දෙනෙකු මිය ගිය අතර, නිවාස 2,500ක් විනාශ වී හෙක්ටයාර මිලියන 24 ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්වුණා.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් කුණාටු සහ ලැව්ගිනි ඇතුළු ව්‍යසනවලින් පිරි අනාගතයක් ඇති විය හැකි බවටයි ලොව ඉහළම දේශගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »