සමේ වර්ණය අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ චර්ම පිළිකා අවදානම හදුනා ගැනෙයි

සමෙහි වර්ණයේ ස්වභාවට අනුව අහිතකර හිරු කිරණ වලින් සම ආරක්ෂාකරගන්නා ආකාරය පිළිබද ඔස්ට්‍රේලියානු චර්ම රෝග විශේෂඥයින් කණ්ඩායමක් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ හිරු එළියට නිරාවරණය වීමෙන් සෞඛ්‍යමය ප්‍රතිලාභ කිහිපයක් ද පවත්න අතර අහිතකර හිරු කිරණ මගින් පිළිකා අවධානම ද ඉහළ යන බවයි.

සමේ වර්ණය අනුව චර්ම පිළිකා අවදානම පිළිබඳ අධ්‍යයනය සිදු කර ඇති අතර අඳුරු වර්ණයක් සහිත සම හිරුට නිරාවරණය වීමෙන් සමේ පිළිකා ඇතිවීමේ අවම අවදානමක් පවතින බවයි තහවුරු වී ඇත්තේ.

එසේ වුවත් අදුරු සමක් සහිත පුද්ගලයින් හිරු කිරණට  නිරාවරණය වීමෙන්  විටමින් D ඌනතාවයේ ඉහළ අවදානමක් පවතින සඳහන්.

මේ අතර වඩාත් පැහැපැත් දීප්තිමත් සමක් හිරු කිරණට නිරාවරණය වීම අහිතකර ප්‍රතිඵල රැසක් අත්වන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙලෙස දීප්තිමත් සම පහසුවෙන් හිරු කිරණයට පිළිස්සෙන අතර චර්ම පිළිකා අවධානම ඉහළ වනු ඇති.

මේ අතර මධ්‍යස්ථ සමේ වර්ණයක් සහිත පුද්ගලයින් හිරු කිරණට සෘජුව නිරාවරණය විමෙන් මධ්‍යස්ථ අවධානමක් පවතින බවද එම අධ්‍යන වලින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ දින වල ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වලට බලපා ඇති අධික හිරු කිරණට නිරාවරණය වීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් වන්නැයි උපදෙස් ලබා දෙනු ඇති.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »