චීනය යළිත් ඕස්ට්‍රේලියාවේ බාර්ලිවලට අංක එකේ වෙළඳපොළ බවට පත් වෙයි

චීනය නැවතත් ඕස්ට්‍රේලියානු බාර්ලි සඳහා අංක එකේ වෙළඳපොළ බවට පත්ව තිබෙනවා.

චීනය තුළ ඕස්ට්‍රේලියාවේ බාර්ලි සඳහා ඉහළ වෙළඳ පොළක් පැවතුන ද ඇතැම් විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ හදිසි තහනම් පැනවීමේ ඉතිහාසයක් ඇති චීනය මත දැඩිව රඳා පැවතීම අවදානම් සහගත බවයි.

2023 වසරේ අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු බාර්ලි සඳහා තීරු බදු ඉවත් කිරීම හමුවේ ඕස්ට්‍රේලියානු බාර්ලි අපනයනයෙන් සියයට 78ක් පමණ සිදු කෙරෙන්නේ චීනය සමගයි.

2020 වසරේ ඕස්ට්‍රේලියා රජය සමඟ ඇති වූ මතබේධයක් සමග මැයි මාසයේදී බාර්ලි සඳහා චීනය විසින් සියයට 80.5ක තීරු බද්දක් පැනවූ අතර එමඟින් වෙළඳාම සම්පූර්ණයෙන්ම නතර කර නව වෙළඳපල සොයා ගැනීමට ඕස්ට්‍රේලියානු වගාකරුවන්ට සිදුවී තිබුණා.

2023 වසරේ අගෝස්තු මාසයේදී මෙමෙ ගැටලුවට විසඳුමක් ලැබුණු අතර අදාළ තහනම් කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ බාර්ලිවලින් සියයට 43ක් පමණ සෞදි අරාබිය, වියට්නාමය, පිලිපීනය සහ කුවේටය වැනි රටවලින් මිලදී ගනු ලැබුවා.

තත්වය යළිත් සමතයකට පත්වීම හමුවේ විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ චීනයට විශාල ධාන්‍ය ප්‍රමාණයක් යැවීම අවදානමක් බවයි.

චීනය මීට පෙර ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන සඳහා තීරුබදු පනවා ඇති බැවින් ඔවුන් එය නැවත සිදු කළ හැකි අතර කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බාර්ලි වගාකරුවන්ට මැද පෙරදිග, මෙක්සිකෝව සහ ආර්ජන්ටිනාව වැනි රටවල නව ගැනුම්කරුවන් සොයාගත හැකි අතර සිදු කළ යුත්තේ රෙගුලාසි ලිහිල් කිරීම මෙන්ම වෙනත් රටවලට බාර්ලි මිලදී ගැනීමට ඉඩ සලසන දොරටු විවෘත කිරීම බව විශ්ලේෂකයන් සඳහන් කර තිබෙනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »