
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පර්ත්හිදී ඊයේ (13දා) පැවැති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය තමා ඔස්ට්‍රේලියානු භූමියේදී ක්‍රීඩාකළ අවසන් ජාත්‍යන්තර තරගය බව ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තහවුරු කළේය.
ඒ අනුව එළබෙන 2024 විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වෝනර් නැවතවරක් තහවුරු කළේය.
මේ වනවිට ටෙස්ට් මෙන්ම එක්දින පිටියෙන්ද විශ්‍රාමගෙන සිටින වෝනර්, තරගයෙන් අනතුරුව පවසා සිටියේ තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.

අද පැවැති කොදෙව්වන්ට එරෙහි තරගයේදීද විශිෂ්ට පිතිහරඹයක නිරත වූ වෝනර් පන්දු 49කදී ලකුණු 81ක් රැස්කරමින් දක්ෂතා දැක්වීමට සමත් වුණා.
නමුත් සෙසු ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම දිනවීමට අවැසි දායකත්වය නොලැබීම නිසා ඔස්ට්‍රේලියාවට ලකුණු 37ක පරාජයක් ලැබීමට සිදු වුණා.

කෙසේ නමුත් තරග තුනකින් යුත් තරගාවලියේදී වෝනර් ලකුණු 173ක් රැස්කළ අතර, ඒ හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානය ඔහු දිනාගත්තා.
වෝනර් මේ වසරේ ජනවාරි 01 වැනිදා එක්දින තරගවලින්, ජනවාරි 06 වැනිදා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගියේය.
වෝනර් ටෙස්ට් ලකුණු 8786ක්, එක්දින ලකුණු 6932ක් හා විස්සයි20 ලකුණු 3067ක් ලෙස ආකෘති ත්‍රිත්වය යටතේම මේ වනවිට ලකුණු 18,785ක් රැස්කරගෙන සිටියි.
එමෙන්ම ඔහු ටෙස්ට් ශතක 26ක් හා අර්ධ ශතක 37ක්, එක්දින ශතක 22ක් හා අර්ධ ශතක 33ක් හා විස්සයි20 ශතකයක් හා අර්ධ ශතක 26ක් වාර්තා කර ඇත.