විවිධ වංචා හේතුවෙන් මුදල් නාස්තිකරගන්න ඔස්ට්‍රේලියානුවන්

පසුගිය වසරේ සිදු වූ විවිධ වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 481 විශාල පාඩු සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

 

Scamwatch දත්ත අනුව 2023 දී මෙවැනි විවිධ වංචා 301791 ක් වාර්තා වී ඇති අතර එම අගය පෙර වසරට සාපේක්ෂව සියයට 26කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙලෙස ඔස්ට්‍රේලියානුවන් හසුවන වංචා අතර වැඩි අගයක් රැකියා සම්බන්ධ වංචනික ක්‍රියාවන් විම විශේෂත්වයක්.

 

ඒ අනුව පසුගිය වසරේ සිදුවු රැකියා වංචා සංඛ්‍යාව 4824ක් වන අතර එමගින් ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වු මුදල ඩොලර් මිලියන 24.7ක්

 

මීලගට පුද්ගලයින් වැඩි වශයෙන් හසුවන වංචනික ක්‍රියා අතර ආයෝජන සම්බන්ද වංචා වන අතර එම පැමිණිලි සංඛ්‍යාව අවම වුවද සිදුව ඇති මූල්‍ය පාඩුව ඩොලර් මිලියන 293.2ක්

 

දත්ත සොරා ගැනීමේ වංචා තෙවන ස්ථානයට පත්ව ඇති අතර අන්තර්ජාල ආදර සම්බන්ධතා වංචා හේතුවෙන්ද සැලකියයුතු මුල්‍ය පාඩුවක් ඔස්ට්‍රේලියානුවන්ට සිදු වනු ඇති.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »