Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 23%ක් අද Valentine’s සමරනවා, ඔබත් ඒ අතරද?

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 23ක් පමණ අද වැලන්ටයින් දිනය සැමරීමට සැලසුම් කරන බව හෙළිව තිබෙනවා.

 

Finder දත්ත අනුව පෙනී යන්නේ පෙර වසරට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් මේ වසරේ වැලන්ටයින් දිනය සමරන්නේ නැති බවයි.

 

පුද්ගලයින් 1096 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ අධ්‍යනයක දී හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් හතරෙන් එකක් වැලන්ටයින් දිනය සැමරීමට සැලසුම් කර ඇති බවයි

 

තවත් සියයට 36දෙනෙක් තමන් හට සහකරුවෙකුහෝ සහකාරියක් නොමැතිවීම හේතුවෙන් වැලන්ටයින් දිනය සමරන්නේ නැති බව සඳහන් කර තිබෙනවා.

 

කෙසේ වෙතත් මේ සදහා ප්‍රතිචාර දැක්වුවන්ගෙන් සියයට 77ක් සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත් මෙම දිනය සැමරීමට සුදානම් නැති බවයි.

වැලන්ටන් දින සැමරීමට සැලසුම් කරන අය සඳහා වන වියදම ඩොලර් මිලියන 916ක් බවයි පුරෝකතනය කර ඇත්තේ.

වැලන්ටයින් දිනය සමරන සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකු සාමාන්‍යයෙන් තම සහකරු වෙනුවෙන් ඩොලර් 201වැය කරන බව සඳහන්.

 

කටුනායකින් මෙල්බන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අවලංගු වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට පළමු පදක්කම ගෙනා නිමල් වන්නිආරච්චි

15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.

Read More »

දිවුරුම් දෙන්න කලින් නැවතත් ට්‍රම්ප් ඝාතන තැතක් ?

ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර (එනම් ජනවාරි 20ට පෙර) ඉරානය විසින් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට ඇමරිකාව චෝදනා කරනවා.

Read More »