ඩොලර් ලක්ෂ 5ට අඩුවෙන් ඔස්ට්‍රේලියානු අගනගර ආශ්‍රිතව ගෙයක් ගමු.

ඩොලර් ලක්ෂ 5 ට අඩු මහල් නිවාස ඇති ඔස්ට්‍රේලියානු තදාසන්න ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එවැනි ප්‍රදේශ 63 ඔස්ට්‍රේලියාව පුරා හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව නිවාසයක් සදහා මාරුවීමට උත්සාහ කරන ඔස්ට්‍රේලියානුවන්ට නව බලාපොරොත්තුවක් මෙමගින් ලබා දෙන බව සඳහන්.

මිල වාර්තාව අනුව ඔස්ට්‍රේලියාව පුරා තදාසන්න ප්‍රදේශ 63 ක සාමාන්‍ය මිල ඩොලර් ලක්ෂ පහට අඩු ලැයිස්තුවේ ප්‍රධාන අගනගර බොහොමයක් පැතිරී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ලැයිස්තුවේ සිඩ්නි සහ හෝබර්ට් අගනගර ආශ්‍රිත තදාසන්න ප්‍රදේශ ඇතුලත් නොවන බව සඳහන්.

වඩාත්ම දැරිය හැකි තදාසන්න ප්‍රදේශය වන්නේ පර්ත් හි ඔස්බෝන් උද්‍යානය වන අතර මධ්‍ය ඒකක මිල ඩොලර් 266500ක්

දෙවන වඩාත්ම දැරිය හැකි මිල වන්නේ Glendalough වන අතර එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 267500ක් ලෙසයි.

මේ අතර මෙල්බර්න් නගරයේද ඩොලර් ලක්ෂ 5ට අඩු තදාසන්න ප්‍රදේශ පවතින බවද එම වාර්තා පෙන්වා දෙනවා.

කාල්ටන්හි මධ්‍ය මිල ඩොලර් 345000ක් වන අතර ට්‍රැවන්කෝර් මිල ඩොලර් 358500 ක් වන අතර වෙස්ට් ෆුට්ක්‍රේ ඩොලර් 362500  ලෙසයි වාර්තා වන්නේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »