වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති සුලි කුණාටු තත්වය හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර ලක්ෂ 5කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණ හිට තිබෙනවා.
දරුණු සුළි කුණාටු හේතුවෙන් ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ග සහ විදුලි ජනක යන්ත්‍ර අක්‍රියවි ඇති බැවින් නැවත සම්බන්ධ කිරීම සඳහා සති කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරුවේ හටගත් සුළි කුණාටු තත්වය සමග ප්‍රාන්තය පුරා විදුලි රැහැන් සහ විදුලි කණු සිය ගණනක් පෙරළී ඇති බව සඳහන්.
ගස් වැටීම් සහ හානියට පත් විදුලි රැහැන් අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාන්තව පුරා දුම්රිය වාර බොහෝ ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර පවතින දුම්රිය වාරද ප්‍රමාදවී ධාවනය වන බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තය පුරා පවතින අයහපත් කාලගුණය තවදුරටත් එළෙසම පවතිනු ඇති අතර ජනතාව කාළගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.
වර්ශාවත් සමග විශාල හිමකැටද වැටී ඇති බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයට සුළිකුණාටු ලැව්ගිනි සහ අකුණු අනතුරු බහුල කාලයක් ලෙස මෙම කාලවකවාණුව හදුන්වනු ඇති.