පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය හේතුවෙන් මාස තුනේ බිළිඳා මව අතින් ඝාතනය වෙයි

පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තාවක් තම මාස 3ක් වයසැති බිළිදා පිහියෙන් ඇණ ඝාතනය කිරිමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ ඉප්ස්විච් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

වෛද්‍ය වාර්තා අනුව පෙනී ගියේ ඇය බරපතල පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන්  පසුව ඇති බවයි.

 

මෙලෙස තම බිළිදා ඝාතනය කිරීමට අදාළව චෝදනා ලැබුවේ ඉප්ස්විච් පදිංචි 26 හැවිරිදි කාන්තාවක්.

 

මෙම ඝාතනය පසුගිය සෙනසුරාදා අලුයම සිදුව ඇති අතර ඇය සම්බන්ධ නීතිමය කටයුතු ඉප්ස්විච් මහේස්ත්‍රාත් අධිකරණ විසින් සිදුකරනු ඇති.

 

හසිදි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව ගිලන් රථ සේවා සිද්ධිය වු ස්තානයට ගොස් ඇති අතර බිළිදා රෝහල් ගත කිරීමට පෙර අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබාදුන්න ද බිළිදා ඒ වන විටත් බරපතල තුවාල ලැබ මිට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

සැකකාර මව අත්අඩංගුවේ දී මනෝ වෛද්‍යවරයකු හමු වූ බවත්, ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා.

 

සිද්ධිය සම්බන්ධයෙන් මාර්තු 1 වැනිදා සැකකාර කාන්තාව නැවතත් ඉප්ස්විච් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »