ඉදිරියේ දී ඔස්ට්‍රේලියාවේ මුණුබුරන්ගෙන් තොර නගරය හඳුනා ගැනෙයි

නිවාස අර්බුධය සමග ඉදිරියේ දී සිඩ්නි අගනගරය මුණුබුර මිණිබිරියන්ගෙන් තොර කලාපයක් වනු ඇතැයි නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ඵලදායිතා කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාවකට අනුව පෙනි යන්නේ සිඩ්නි නගරයේ වසරකට එහි ජනගහනයෙන් වයස අවුරුදු 30 ත් 40 ත් අතර පුද්ගලයින් 7000 ක් නගරයට අහිමි වන බවයි.

මේ හේතුවෙන් සිඩ්නි නගරයට දෙගුණයක් මිනිසුන් අහිමි වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

නිවාස සැපයුම ඉල්ලුමට සරිලන පරිදි පවත්වා ගෙන යෑමට නොහැකිවීම දැරිය හැකි මිල ගණන් යටතේ නිවාස සොයා ගැනීමට නොහැකි වීම යන හේතු සාධක පදනම්ව මෙම තත්වය තවදුරටත් අග්‍ර වනු ඇති බවයි වාර්තා වන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවතින නිවාස ඉල්ලුම සපුරාලීම සඳහා 2041 වන විට නිවාස 900000ක් පමණ ඉදිකිරීමට අවශ්‍ය වන බවයි ඇස්තමේන්තුගත කර ඇත්තේ.

ඵලදායිතා කොමිසම සඳහන් කළේ මෙම තත්වය තවදුරයත් පවතින්නේ නම් සිඩ්නි නගරය මුණුබුරන් නොමැති නගරය ලෙස ප්‍රසිද්ධියට පත්වනු ඇති බවයි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »