සුව වෙන්න කල් යන රෝස් රිවර් වෛරසයෙන් ඔස්ට්‍රේලියානුවන්ට බලපෑම්

මදුරුවන්ගෙන් බෝවන වෛරස ආසාදනයක් හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුක් කර තිබෙනවා.

 

රෝස් රිවර් ලෙස සඳහන් මෙම වෛරසයමදුරුවන් මගින් ආසාදනය වන අතර ක්වින්ස්ලන්ඩ් නගරයේ සැම ප්‍රදේශයක්ම අවදානම් සහිත බවයි දැක්වෙන්නේ.

 

ප්‍රදේශ අවටින් ලබා ගත් ජල සාම්පල නිරීක්ෂණය කිරීමේ දී තහවුරු වී ඇත්තේ අවදානම් මදුරු විශේෂ සීඝ්‍රයෙන් සමාජය පුරා පැතිර ගොස් ඇති බවයි

 

රොස් රිවර් උණ රෝගය ආසාදිතයින් 3000ක් පමණ මේ වන විට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුව ඇති අතර මෙම තත්වය තවදුරටත් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.

 

මදුරුවන් නිවෙස් අවට සහ ගෙවත්තේ ඕනැම ස්ථානය රැදීමේ ඉඩ ප්‍රස්ථාව ඇති අතර නිවෙස් හා ඒ අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙසයි වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.

 

අදික තෙහෙට්ටුව, මාංශ පේශි වේදනාව හිසරදය සහ උණ රොස් රිවර් රෝගයේ ලක්ෂණ වන අතර එවැනි ලක්ෂණ මතුවන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

 

මෙම රෝග ආසාදනය බරපතල තත්වයක් නොවුවද රෝගය වැලඳ පූර්ණ සුවය සඳහා මාස 3ත් 6ත් අතර කාලයක් ගතවන් බවයි වාර්තා වන්නේ.

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

Read More »