
කුලී නිවාස අර්බුධය හේතුවෙන් මහමග රැදී සිටින ඔස්ට්‍රේලියානුවන් ගණන ඉහළ ගොස් තිබෙනවා.
නිවාස උපකාර පතා ලැබෙන ඉල්ලුම් සංණයාවද රට පුරා ඉශළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් රැකියාවක් පැවතියද නිවසක් නොමැතිව පීඩා විදින ඔස්ට්රේලියානුවන්න්ගේ සංඛ්‍යාව සියයට 20කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

සිඩ්නි අගනගරය හා තදාසන්න ප්‍රදේශ ආශ්රිත නිවාස මිල ගණන් දැරිය නොහැකි මට්ටමින් ඉහළයෑමත් සමග සිඩ්නි වැඩියන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
නිවාස නොමැතිකම පිලිබද පසුගිය දෙසැම්බර් මස සිදුකළ සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ නිවාස ගැටලුව ආර්ථිකයට පමණක් නොව ගෘහස්ථ හිංසනයෙන් දක්වාද ව්‍යාප්ත වී ඇති බවයි.

මේ අතර නිවාස නොමැතිව ආධාර සේවාවලින් උපකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාවේ විශාලතම වැඩිවීමක් සිඩ්නි නගරයෙන් බව අනාවරණය වී තිබෙනවා
ඉදිරි මාස 18ක කාලසීමාව තුළ මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය සාධනීය ලෙස මැදිහත්වනු ඇතැයි ඔස්ට්‍රේලියානු නිවාස සැපයුම් පුන්‍ය ආයතන විශ්වාසය පල කරනවා.