වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ලැව්ගිනි අනතුරු ඇගවීමක්

අදික උෂ්ණත්වය හමුවේ ලැව්ගිනි අවදානම සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ කලාප පහකට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනබා

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා කාර්යංශය සඳහන් කළේ විම්මරා දිස්ත්‍රික්කයට මේ දින වල සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවූ උෂ්ණත්වයක් ඇති විය හැකි බැවින් ජනතාව හැකිතාක් අවදානයෙන් පසුවන ලෙසවයි.

ව්‍යසනකාරී ගිනි අනතුරු ඇඟවීම් ප්‍රාන්තය පුරාම නිකුත් කර ඇති අතර කළු ග්‍රීෂ්ම සෘතුවෙන් පසු දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය විය හැකි බව සඳහන්.

මේ අතර වික්ටොරියා ප්‍රාන්තයේ උතුරු සහ මධ්‍යම දිස්ත්‍රික්ක සඳහාද දැඩි ලැව්ගිනි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක අතර මෙම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාත් අවධානම් කලාප වෙත නොයන ලෙසයි.

2019 නොවැම්බර් මාසයෙන් පසු ප්‍රාන්තය මෙවැනි භයානක තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

වියළි සහ අතිශයින් සුළං සහිත තත්ත්වයන් සමඟ ලැව්ගිනි අවධානම තවදුරටත් ඉහළයා හැකියි

 

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »