Valentine’s දිනට පෙර ආදර වංචා වලට නොරැවටෙන්න

ආදරවන්තයින්ගේ දිනයට පෙර ඊට සම්බන්ධ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසර පුරා Valentine’s දිනට සමගාමී සිදුවු වංචනික ක්‍රියා හේතුවෙන් ඩොලර් මිලියන 3.7 මූල්‍ය පාඩුවක් ඔස්ට්‍රේලියානුවන්ට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වංචනික ක්‍රීයාවන්ට හසුවීමේ අගය සියයට 27කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික වංචා විරෝධී මධ්‍යස්ථානය  පෙන්වා දෙන්නේ විවිධ Dating App මගින් ආදරය ප්‍රකාශ කරන මුවාවෙන් බොහෝ වංචනික ක්‍රියාවන් සඳහා පුද්ගලයින් පොළඹවා ගැනීමට ඉඩක් පවතින බවයි.

Scamwatch වාර්තා පෙන්වා දෙන්නේ 2023 වසරේ Valentine’s දිනට සමගාමීව සිදුවු වංචනික ක්‍රියා පැමිණිළි සංඛ්‍යාව 484ක් බවයි.

මෙලෙස වංචනික ක්‍රියාවන්ට හසුවී මූල්‍යමය පාඩු වැඩි වශයෙන් සිදුව ඇත්තේ වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙන්නේ අන්තර්ජාලයෙන් පමණක් හමු වූ කෙනෙකුගෙන් මූල්‍ය හෝ ආයෝජන උපදෙස් ලබා නොගන්නා ලෙසයි.

මෙවැනි වංචනික ක්‍රියාවන්ට නොරැනයෙනනැයි යන පණිවුඩය හැකිතාක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන ලෙස ජාතික වංචා විරෝධී මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »