Qantas වර්ජනයට සුදානම් වෙද්දි රට පුරා ගුවන් යානා ප්‍රමාදයක්

Qantas ගුවන් සමාගම දින තුනක වර්ජනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා

 

මේ හේතුවෙන් ගුවන් මගීන් දහස්ගණනනට ඉන් බලපෑම් සිදුවන බවයි වාර්තා වන්නේ.

 

එම වෘත්තිය ක්‍රියාමාර්ග හෙට සිට දින 3ක් පුරා ක්‍රියාත්ක වනු ඇති

 

වැටුප් සංශෝධන ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්වන්ටාස් ගුවන් නියමුවන්ගේ සම්මේලනය මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී තිබෙනවා.

 

පාලනාධිකරිය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ග වෙත අවතීරණ වූ බවයි එම සම්මේලනය සඳහන් කළේ.

 

ගුවන් නියමුවන් රාජකාරි වලින් ඉවත් වීමත් සමග ගුවන් ගමන්වාර 35ක් පමණ අවලංගු වන බවයි වාර්තා වන්නේ.

 

බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් හට ඔවුන්ගේ ගුවන් ගමන් සඳහා ගාස්තු රහිත වෙනස්කම් හෝ මුදල් ආපසු ඉල්ලා සිටීමට හැකි බවත් ගුවන් සමාගම දන්වා තිබෙනවා.

 

මේ අතර මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්තොටුපල පරිශ්‍ර ආශ්‍රිත ගුවන් ගමන් ප්‍රමාදවීම හේතුවෙන් මගීන් රැසක් අපහසුතාවට පත්ව තිබෙනවා

 Qantas and Virgin Australia මගීන් පැයකට වැඩි කාලයක් ගුවන් යානා ප්‍රමාදයන් හෝ අවලංගු කිරීම් හේතුවෙන් ගැටලු රැසකට මගීන් මුහුණපා ඇති බව සඳහන්.

 

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »