Search

මහ පාරේදීම පුහුණු වී මහපාරේදීම මිය ගිය මැරතන් ශූරියා

මැරතන් ලෝක වාර්තාව උසුලන කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) ඔහුගේ පුහුණුකරු ද සමග මිය යාමේ ශෝචනීය පුවතෙන් මුළු මහත් මලල ක්‍රීඩා ලෝකය ම දැඩි කම්පාවට පත්ව සිටිනවා.

24 හැවිරිදි කිප්ටම් ඔහුගේ පුහුණුකරු වන ජවේස් හෑකිසාමිනා (Gervais Hakizimana) සමග ඉරිදා (ඊයේ) රාත්‍රියේ මිය ගොස් ඇත්තේ කෙන්යාවේ සිදුවූ මාර්ග අනතුරකින්.

තවත් දෙදෙනෙකු සමග රිය පදවමින් සිටි කිප්ටම් ට මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා.

කෙන්යාවේ කෙල්වින් කිප්ටම් පැය 2යි තත්පර 35ක කාලයක් සටහන් කරමින් නව මැරතන් ලෝක වාර්තාව බිහි කළේ පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා චිකාගෝ නුවර දී. 

පැය 2යි මිනිත්තු 2කට අඩුවෙන් මැරතන් කාලයන් මාස 12ක් ඇතුළත තෙවතාවක් වාර්තා කිරීමට සමත් වූ ලෝකයේ පළමු පුද්ගලයා වන්නේ ද කෙල්වින් කිප්ටම්.

කෙල්වින් කිප්ටම් නැගිට සිටියේ දුප්පත්කම නමැති අගාධයේ පතුලේ සිට.

ඔහු 2018 වසරේ ඔහුගේ පළමු දේශීය තරගයට පෙළගැසෙන විට පැළඳ සිටියේ වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගත් සපත්තු ජෝඩුවක්.

ඒ, සෙරෙප්පුවත් නැතිව සතුන් බලාගැනීමේ කාර්යයේ නිරතව සිටි කිප්ටම් ට ක්‍රීඩා පාවහන් මිලදී ගැනීම සඳහා වත්කමක් නොතිබුනු නිසා.

කිප්ටම් ඔහුගේ ක්‍රීඩා දිවිය මහමාර්ගයෙන් ආරම්භ කළේ වෙනත් මලල ක්‍රීඩකයන් දුර දිවීම සඳහා පිවිසීමට පෙර ක්‍රීඩාංගණයේ ධාවන පථයක දුවමින් පුහුණු වන පැරණි සම්ප්‍රදාය බිඳ දමමින්. නමුත් කිප්ටම් එය කළේ කැමැත්තකින් නෙවෙයි.

“ධාවන පථයක පුහුණු වීම් සඳහා යන ගමන් වියදම් දරන්න මට සල්ලි තිබුනේ‌ නැහැ” ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුනා. “ඒ නිසා මම මහපාරේ දුවන අයත් එක්ක පුහුණු වෙන්න පටන් ගත්තා. මම මැරතන් දිවීමට යොමු වුනේ ඒ විදියටයි.”

කිප්ටම් හා ඔහුගේ පුහුණුකරු මිය ගිය රිය අනතුර සිදුවුනේ දුර දිවීමේ ක්‍රීඩකයන් ඔවුන්ගේ පුහුණුවීමේ ස්ථානයක් ලෙසින් යොදා ගන්නා බටහිර කෙන්යාවේ අධික උසින් යුත් මාර්ගයක.

 

මහපාරේ පුහුණු වෙමින් මැරතන් ක්‍රීඩා ජීවිතය ආරම්භ කළ කෙල්වින් කිප්ටම් මැරතන් ක්‍රීඩාවේ මුදුන ට ම පිවිස මහපාරේදී ම මිය ගියා.

Resource- theleader.lk

 

 

 

 

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »