
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවනේ දී මතුවු හඳිසි තත්වයක් හේතුවෙන් අපසු මෙල්බන් ගුවන් තෙටුපලට හරවා පැමිණ තිබෙනවා.
මෙම ගුවන්යානය අද පස්වරු 6.30ට මෙල්බන් ගුවන් තොටුපලේ සිට කොළඹ බලා පියාසර කිරීම ආරම්භ කර ඇති අතර සුලු වේලාවකින් මෙලෙස හදිසි තත්වයක් මතුවීම හේතුවෙන් ආපසු හරවා පැමිණ තිබු බවයි වාර්තා වන්නේ.
නියමු කුටියේ හටගත් දුමක් මීට හේතු ව බව සදහන්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ගුවන් යානයේ සිටි මගීන් සියලු දෙනා ආරක්ෂිතව ගොඩබිමට ගෙන්වු බවයි.
තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් විසින් යානාව දැනටමත් පරීක්ෂා කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
