අධික උණුසුමින් මෙම සතිය මෙල්බන් වැසියන්ට අවදානම්

ඔස්ට්‍රේලියාවට බලපා ඇති අධික උණුසුම් කාළගුණික තත්වය හමුවේ තාප තරංග පිළිබඳ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යංශනය සඳහන් කර ඇත්තේ මෙම උෂ්ණ අධික කාළගුණික තත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් පවතිනු ඇති බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ බොහෝ අගනගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවන බව සඳහන් වන අතර මෙම සතිය වඩාත් උණුසුම් සතියක් ලෙස පුරෝකතනය කර තිබෙනවා.

ඇඩිලේඩ් හී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවන අතර පර්ත් හා මෙල්බන්හි උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 35ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තය මෙම සතියේ උෂ්ණ අධිකතම ප්‍රාන්තය ලෙස නම් කර ඇති අතර වික්ටෝරියානුවන් එළිමහන් ගැවසීම් හැකිතාක් අවම කරගැනීම සෞඛ්‍යට හිතකර බවයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

මේ අතර සතිය මැද බටහිර ඔස්ට්‍රේලියානු කලාපයට සෙල්සියස් අංශක 40 ඉක්මවු උෂ්ණත්වයක් අපේක්ෂා කරණ බවද කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

දැඩි තාප තරංග වැඩිහිටි පුද්ගලයින්, ළදරුවන්, ළමුන්, ගර්භනී කාන්තාවන් සහ රෝගී පුද්ගලයින් වැඩි අවධානමක් පවතින අතර හැකිතාක් සෘජු හිරු කිරණ වලට නිරාවරණය වීමෙන් වැළකි සිටින ලෙසියි උපදෙස් ලබා දී ඇත්තේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »