ඩොලර් මිලියන 2.8ක ලොතරැයි ජයත් සමග අස්වීමේ ලිපිය භාරදුන් මෙල්බන් වැසියා

පසුගිය සති අන්තයේ TattsLotto  දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 2.8 මුදලක් දිනා ගැනීමට මෙල්බන් වැසියෙකු සමත්ව තිබෙනවා.

තමන් ලද දිනුම් ඇදීමත් සමග රැකියාවෙන් විශ්‍රාම ගැනීමට අදාළ අස්වීමේ ලිපිය ද ආයතන ප්‍රධානී වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ජයග්‍රාහී පුද්ගලයා තමන් මෙවැනි මුදලක් ජයගෙන ඇති බව දැනගෙන ඇත්තේ ප්‍රමාදවී බවත් එම පුවත ලත් පසු තමන් වඩාත් පුදුම වූ බවයි මාධ්‍ය වෙත සඳහන් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ

පෙබරවාරි 10 වන දිනTattsLotto දිනුම් ඇදීමේ ජයග්‍රාගි අංක  42, 2, 12, 13, 1 සහ 20 වන අතර පරිපූරක අංක ලෙස අංක 15 සහ 3 ඇතුලත්.

මෙවැනි මුදලක් තමන් කෙසේ වියදම් කරන්නේ ද යන්න පිළිබඳ තමන්ට කිසිදු අවබෝධයක් නොමැති බවද ජයග්‍රාහී ලොතරැයි හිමියා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

 

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »