හැම් සහ චීස් Sandwiches තහනම් වන ඔස්ට්‍රේලියානු පාසැල්

බටහිර ඔස්ට්‍රේලියාවේ පාසල් ආපනශාලා තුළ හැම් සහ චීස් සැන්ඩ්විච් තහනම් කිරීමට පාසැල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පාසැල් මට්ටමින් නව සෞඛ්‍ය ආහාර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදීමත් සමග බටහිර ඔස්ට්‍රේලියානු පාසල් ආපනශාලා තුළ මෙම ආහාර අලෙවිය තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදි දරුවන්ට සුදුසු ආහාර වර්ගීකරණයන් සිදු කර ඇති අතර හැම් සහ චීස් සැන්ඩ්විච් එහි රතු කළාපයට එක් කර තිබෙනවා. 

එනම් දිනපතා අනුභවයට නුසුදුසු ලෙසයි එම වර්ගිකරණයෙන් පෙන්වා දී ඇත්තේ.

ආපනශාලා ආහාර තේරීම් වර්ගීකරණයේ දී කොළ පැහැයෙන් පෙන්නුම් කරන්නේ දරුවන් සඳහා වඩාත් පොෂදායී ආහාරයි.

එනම් එළවලු පළතුරු ඊට ඇතුළත්.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය කයිලා ස්මිත් අවධාරණය කළේ ළමුන් බොහෝ පිරිසක් තම උදෑසන ආහාර පාසැල් ආපනශාලා තුළින් ලබා ගැනීමට හුරුවී ඇති අතර ළමුන් වැඩි ප්‍රියතාවයක් රතු කළාපීය ආහාර අනුභවයට දක්වන බවයි.

මේ තත්වය පාලනය සඳහා සුදුසුම ක්‍රමය පැසැල් ආපනශාලා තුල එවැනි ආහාර අලෙවිය තහනම් කිරිම බව බලධාරීන් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් බටහිර ඔස්ට්‍රේලියානු පාසැල් ආපනශාලාහිමියන් ද එම තීරණයට එකගවී ඇති බව සඳහන්.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »