මාසික පඩිය අවසන් වු ඔස්ට්‍රෙලියානුවන් මීළගට යොමු වන්නේ කුමකට ද?

ජීවන වියදම් අර්බුදය අතරතුර මුදල් හිඩැස් පියවා ගැනීම සඳහා මිලියන ගණනක් ඔස්ට්‍රෙලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වෙත යොමු වෙමින් සිටින බව නව පර්යේෂණයකින් හෙළි ව තිබෙනවා

Finder පැවසුවේ පසුගිය මාස 12ක් තුළ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගෙන් සියයට 44ක් එනම් මිලියන 4.6කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට්කාඩ්පත් ගණුදෙනු සිදු කර ඇති බවයි.

මාසික වැටුප් අවසන් වූ පසු තමන්ට පවතින එකම විකල්පය ක්‍රෙඩිට් කාඩ් බවයි ඔස්ට්‍රෙලියානුවන් පෙන්වා දෙන්නේ.

උද්ධමනය සහ බැංකු පොලී අනුපාතිකය හේතුවෙන් තවදුරටත් ජනතවගේ මූල්‍ය පීඩනය ඉහළ ගොස් ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු පිරිමින්ගේ මාසික වැටුප මීළග වැටුප් දිනට පෙර අවසන්වීමෙන් ක්‍රෙඩ්ට්කාඩ් වෙත යොමු වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති බව සදහන්.

බොහෝ දෙනෙක් පසුගිය උත්සව සමයේ සිදු කළ ක්‍රෙඩ්ට් කාඩ්පත් ගණුදෙනු තවමත් අවසන් කර නොමැති බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ මූල්‍ය උපදේශන අවශ්‍ය පුද්ගලයින් ජාතික ණය ක්ෂණික ඇමතුම් අංකය වන1800 007 007 අමතන ලෙස  වැඩිදුරටත් දන්වා සිටිනවා.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »