ඔස්ට්‍රේලියානු ළමුන් 1/3ට පොතපත කියවන්න අමාරුයි

සෑම ඔස්ට්‍රේලියානු ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට නිවැරදි ලෙස පොතපත කියවීමේ හැකියාව නොමැති බව අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මිලියන 4ක් වන පාසල් ළමුන්ගෙන් තුනෙන් එකක් මෙලෙස නිවැරදි ලෙස කියවීමට නොහැනි බව Grattan (ග්‍රැටන්) ආයතනය පවසනවා.

කියවීමේ කුසලතාව අහිමි ළමුන් සමාජගතවු පසු විරැකියාව,සමාජ විරෝධී ක්‍රියාකාරකම් මෙන්ම දරිද්‍රතාවයට පත්වන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය ව්‍යුහගත සාක්ෂරතාවය, ලෙස හැඳින්වෙන අතර මේ තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 40 ක ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට සිදුවන බව සඳහන්.

කියවීම මෙන්ම සාහිත්‍ය ප්‍රගුණ කල සිසුන්ට සමාජය තුළ ස්ථාවර පැවැත්මක් ගොඩනගා ගත හැකි බවයි Grattan ආයතන දත්ත මගින් පෙන්නුම් කරන්නේ

පාසැල් මට්ටමින් ළමුන්ට කියවීමේ හැකියාව ප්‍රගුණ කිරීම සහ වචන අවබෝධ කර ගැනීමට වු හැකියාව වර්ධනය කිරීමේ අභ්‍යාස සිදුකිරීම අවශ්‍ය බවද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

අමතර වියදමක් වැය කර උපකාරක පන්ති වලට දරුවන් යොමු කිරීමට වඩා පාසැල් මට්ටමින් ළමුන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව ග්‍රැටන් වාර්තා පෙන්වා දෙනවා.

 

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »