මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන රියදුරන්ට WA පොලීසියෙන් අලුත් වැඩක්

දකුණු ඔස්ට්‍රේලියානු පොලිසිය මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම මැඩපැවැත්වීම සඳහා නව මාර්ග ආරක්ෂණ වැඩසටහනක්  ආරම්භ කර තිබෙනවා.

 

පසුගිය වසරේදී බටහිර ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය දාවනයෙන් සිදුවූ අනතරුවලින් පුද්ගලයින් 22කුට ජීවිත අහිමි වු අතර 95දෙනෙකු බරපතල තුවාල ලැබ ඇති බව සදහන්.

 

2023 වසරේ දකුණු ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය වැරදි වලට අදාළ රිය දාවනය කල පුද්ගලයින් 5361 දෙනෙකුට එරෙහි නිතිය ක්‍රියාත්මක කර තිබුණා

 

විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ බරපතල තත්වය පෙන්වීමට අදාළ විඩියෝවක් නිර්මාණය කරමින්සමාජය පුරා ව්‍යාප්ත කිරීමට ද පියවර ගෙන තිබෙනවා

 

ඒ අනුව මාර්ගවල ඩිජිටල් පුවරු ඔස්සේ එම දැන්වීම් ප්‍රදර්ශණය කිරීමට ද පියවර ගනු ඇති.

 

2024 වසර මැද වන විට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීමෙන් රියදුරන්ට මෙන්ම මහජනතාවට සිදුවන හානි අවම කිරීම මෙහි අරමුණයි.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »