Search

අවුරුදු 12දී විශ්ව විද්‍යාල වරම් ලැබූ Yasha

වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දරුවෙකු එංගලන්තයේ ළාබාලතම ආචාර්‍ය උපාධිධාරියා බවට පත් ව තිබෙනවා.

Yasha Asley නම් මොහු මානව ගණක යන්ත්‍රය ලෙස හැඳින්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ව්‍යවහාරික ගණිතය (applied mathematics) විෂය පිළිබඳ මොහු සිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ඇත.

දැනට Yasha Asleyගේ වයස අවුරුදු 21ක් බව වාර්තා වෙනවා.

22 හැවිරිදි තාරකා භෞතික විද්‍යාඥයෙකු අභිභවා යමින් ආචාර්ය උපාධියක් ලබාගත් බ්‍රිතාන්‍යයේ ළාබාලතම පුද්ගලයා බවට Yasha Asley පත් ව තිබෙනවා.

මොහු කෘත්‍රීම බුද්ධිය (AI) සහ දත්ත විද්‍යාවට අදාළ ක්ෂේත්‍රයක රැකියාවක් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

Yasha Asley හට ප්‍රංශ සහ පර්සියානු භාෂා චතුර ලෙස හැසිරවිය හැකි බව ද සඳහන් ය.

Yasha Asley පාසල් යන අවදියේ දී ඔහුගේ ප්‍රාථමික පාසල් ගුරුවරයා, පාසල තුළ Asleyගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලිය නොහැකි බව සඳහන් කර ඇත.

ඒ අනුව සතියට දින 03ක් පමණක් පාසල් එන ලෙස හා සතියට දෙවරක් විශ්වවිද්‍යාලයට යන ලෙස ගුරුවරයා Asleyට උපදෙස් ලබා දී තිබේ.

Yasha Asley බ්‍රිතාන්‍යයේ දැනට සිටින ළාබාලතම ආචාර්ය උපාධිධාරියා ලෙස සැලකෙන නමුත් එම ජයග්‍රහණය අත්කරගත් ලොව ළාබාලම පුද්ගලයා ඔහු නො වේ.

ෆාහ්මා මොහොමඩ් 2016 දී වයස අවුරුදු 19 දී ආචාර්ය උපාධියක් ලබා ඇත.

ඉම්රාන් නසීම් වයස අවුරුදු 22 දී තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් පසුගිය වසරේ දී සම්පූර්ණ කළේ ය.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »