ඔස්ට්‍රේලියානු සංචාරකයින්හට මෙම මාසයේ බාලි දුපත් සංචාරයන් සඳහා යැම පිළිබඳ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජයේ සංචාරක උපදේශන කාර්යාංශය වන Smartraveler විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා.
ඒ ඉන්දුනීසියාවේ මහ මැතිවරණය මෙවර පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබීමයි.
පෙබරවාරි මස ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්ත වලින් ප්‍රධාන තැනක් බාලි දුපතට හිමිවන අතර
බාලි ඇතුළු රට පුරා දේශපාලන රැලි හා විරෝධතා පැවැත්වෙන බැවින් ජනතාව මාර්ග තදබද සහ ඇතැම් ස්ථාන වෙත ප්‍රවේශ වීම් ද සිමා වන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඉදිරි දිනයන් හී බාලි දුපත් සංචාරය සඳහා යන ඔස්ට්‍රේලියානුවන්ට අවදානයෙන් පසුවන්නැයි දැනුම් දෙනවා.