ව්‍යාජ ලේඛන පෙන්වා ආපදා වන්දි ගත්ත ඔස්ට්‍රේලියානුවන්ට වැඩ වරදී

රජයේ ආපදා ප්‍රතිපාදන ගෙවීම්වලින් ඩොලර් මිලියන 33ක මුදලක් වංචාකාරී ලෙස ලබා ගැනීමට තැත් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

වංචනික පුද්ගලයින් 33000කට අධික ප්‍රමාණයක් මෙලෙස ව්‍යාජ ලේඛන පෙන්වමින් මුදල් ඉපැයීමට කටයුතු කරන බව සඳහන්.

මේ හේතුවෙන් අපදා ප්‍රතිපාදන ගෙවීමේ දී සෑබැ අවශ්‍යතාව සහිත පුද්ගලයින් හඳුනා ගැනීමට නිසි තක්සේරුකරනයක් සිදු කරන්නැයි නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ව්‍යාජ අනන්‍යතා සහතික හෝ ව්‍යාජ ලිපින භාවිත කරමින් මෙලෙස මුදල් ලබා ගත් පුද්ගලයින්ට වසරකට නොඅඩු සිර දඩුවම් නියම වනු ඇති

ව්‍යසනකාරී අවස්ථාවන්හි සංවිධානාත්මක වංචනික කණ්ඩායම් මුදල් ඉපයීමට උත්සහ කරන අතර මේ වන විට අපාදා වන්දි ගෙවා ඇති පුද්ගලයින්ගේ සත්‍ය අනන්‍යතා තහවුරු කර ගැනීමට ද වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සඳහන්.

ආපදා ගෙවීම් වංචා සම්බන්ධයෙන් වරදකරුවන් 250 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ ලෙස සැකසූ හෝ සොරකම් කරන ලද අනන්‍යතා සහතික ඉදිරිපත් කරමින් මුදල් ලබා ගෙන ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »