
ගර්භණී කාන්තාවන් දවසේ වැඩි වේලාවක් සේවයේ නිරතවීම සහ නොමේරු ළදරු උපත් අතර සම්බන්ධතාවක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව දිගු සේවා මුර මෙන්ම ශරිරය වෙහෙසවා රැකියාවන්හි නියුතු ගර්භණී කාන්තාවන් මේ යටතේ වැඩි අවධානමක සිටින බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ.
ඔස්ටේ්‍රලියානු ගර්භණී කාන්තාවන්ගෙන් හතරෙන් තුනකට වැඩි පිරිසක් තම ගර්භණි සමය තුල වැඩි ශ්‍රමයක් යොදවන රැකියාවන්හි නිරත වන බවයි වාර්තා වන්නේ.

සතියකට පැය 40 ඉක්මවා රැකියාවන් හි නියුතු ගර්භණී කාන්තාවන් ඒ අතුරින් වැඩි අවධානමන් සහිත කාණ්ඩය ලෙස හදුනාගෙන තිබෙනවා.
මෙම අවධානම පිළිබදව ගර්භණි කාන්තාවන් මෙන්ම ආයතන ප්‍රධානීන් ද දැනුවක් කිරීම වැදගත් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

ගර්භනී කාන්තාවන් වැඩ නොකළ යුතු බව මින් අදහස් නොකෙරෙන අතර ගර්භණි සමය තුළ අවදානම් සහිත රැකියාවන්ගෙන් ඉවත් වන ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ.
නොමේරු උපත් සහිත දරුවන් වැඩිහිටිවියට පත්වීමත් සමග දියවැඩියාව – අධි රුධිර පීඩනය – පෙනහළු සහ හෘද රෝග වැනි රෝගාබාධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවටද හඳුනාගෙන තිබෙනවා.
සෑම වසරකම ලොව පුරා නොමේරූ ළදරු උපත් මිලියන 15 ක් පමණ සිදු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව සිදුවන ළදරු මරණ ගණන මිලියන 1.1 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.