අතුරුදන් වු සමන්තාගේ අවසන් දුරකතන සංඥා නිවසේ සිට 11Km දුරින්

වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටි සමන්තා මර්ෆි සොයා හත්වන දිනටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

 

පසුගිය ඉරිදින උදෑසන 07ට පමණ ව්‍යායෑම් කිරීම සඳහා නිවසින් පිටවු සමන්තා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිව නැහැ.

 

සමන්තගේ අතුරුදහන් වීම පිටුපස කිසියම් අමානූෂික ක්‍රියාවක් සිදුව තිබේද යන්න පිළිබඳ පැවසීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී මාර්ක් හැට්  සඳහන් කළේ.

 

පොලිස් නිල සුනඛයින්, රහස් පොලීසිය,අතුරුදන්වුවන් සෙවීමේ කාර්යංශය සහ වික්ටෝරියා පොලීසිය එක්ව සතියක් පුරා අතුරුදන්වු කාන්තාව සොයා මෙහෙයුම් දියත් කළ ද ඇය පිළිබඳ මෙකෙත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට සමත්ව නැහැ.

 

අවසන් වරට ඇගේ ජංගම දුරකතනය නාද වී ඇත්තේ ඇගේ නිවසේ සිට කිලෝමීටර 11ක් පමණ දුරින් වූ බනියන් සංඥා කුලුන මගින් බවයි වාර්තා වන්නේ.

 

මර්ෆිගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කිසිදු සැක සහිත තත්වයක් ද මෙතෙක් හමුව නැති බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.

 

ඇය අවසන් වරට දැක ඇති cctv දර්ශණ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි 4 වනදා උදෑසන 7 සිය සවස 7 දක්වා කාලය තුළ එම සීමාවේ සිටි සෑම කෙනෙක්ම තම නිවෙස් හා වාහන වල වූ cctv දර්ශණ පරික්ෂා කර මෙහෙයුම් වලට සහය දෙන්නැයි රහස් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »