ශ්‍රී ලංකාව සහ පර්ත් අතර ඍජු ගුවන් සේවා ගැන යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වු හත්වන ඉන්දීය සාගර සමුළුවට සමගාමීව රනිල් වික්‍රමසිංහ සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා අතර හමුවක් පසුගියදා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තියල කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම ගැන එහිදි වැඩිඅවධානයක් යොමුවු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර ඍජු ගුවන් සේවා සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මෙහිදී සිය කැමැත්ත පළ කර ඇති බව ද සඳහන්.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදි ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳ කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මේ ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීල පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක්ට ඇරයුම් කර ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »