මෙල්බන් අයිස් හොකි ක්‍රීඩකයින් ඇඩිලේඩ් හි රෝහල්ගත වෙයි

ඇඩිලෙඩ් හී අයිසි හොකි ක්‍රීඩා අංගනයක් තුළ විශ වායුවක් අග්‍රහණයවීමෙන් අයිස් හෝකී ක්‍රීඩකයින් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

 

කාබන් මොනොක්සයිඩ් වායුව මෙලෙස අග්‍රාහනය වී ඇති අතර මෙල්බන් හා ඇඩිලේඩ් අයිස් හෝකි කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් අනතුරුව මෙලෙස ක්‍රීඩකයින් රෝගී වු බවයි වාර්තා වන්නේ.

 

එම අයිස් අංගනය තුළ කෘතිම අයිස් නිර්මාණය සඳහා භාවිත කරන යන්ත්‍රයකින් මෙලෙස විෂ වායු කාන්දු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. 

 

මෙම ක්‍රීඩකයින් 16 දෙනා මේ වන විට ඇඩිලේඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කිසිදු ජිවිත තර්ජනයක් නොමැති බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

 

මේ වන විට ක්‍රීඩකයින්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිකාර ලබා දී ඇති අතර අයිස් ක්‍රීඩාංගණය පැය 12ක ඉදිරි පරික්ෂාවක් සිදු කිරිමට නියමිතයි.

 

මේ හේතුවෙන් ඇඩිලේඩ් හි අයිස් අරිනා ක්‍රීඩා අංගනය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »