ජනපති රනිල් බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට යයි.

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට පැමිණ සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ

බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත ව තිබෙනවා.

 

කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ඇතුලු පිරිස විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

 

අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහකට එක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඔවුන්ට ලබාදිය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳව ද එහිදී පුළුල් අවධානයක් යොමු කෙරුණා.

 

කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වු බව සඳහන්.

 

අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වුණා‍.

 

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »