තරුණවියේ මගහැරුණු රැකියාවලට කැමති ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්

මැදිවියේ පසුවන ඔස්ට්‍රේලියානුවන් තමන් නියැලෙන වෘත්තිය වෙනස් කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන බව හඳුනාගෙන තිබෙනවා.

 

වැඩිහිටි පුද්ගලයින්ගෙන් සියයට 50 ක් තම යහපැවැත්ම සඳහා වෘත්තීය වෙනස් කිරීමට අවශ්‍ය බව වටහාගෙන ඇති බව සඳහන්.

 

තවත් පිරිසක් වැඩි මුදලක් අපේක්ෂාවෙන් රැකියාව මාරු කරන බව ද හඳුනාගෙන තිබෙනවා.

 

සමීක්ෂණය සඳහා එක්වු වැඩිහිටි පිරිසෙන් බහුතරයක් සඳහන් කර ඇත්තේ තමන් තරුණ වීයේ අපේක්ෂා කළ රැකියාව කිරීමට වර්තමානයේ වුව ද කැමැත්තෙන් සිටින බවයි.

 

බොහෝ වැඩිහිටි පිරිස් අතර තම තරුණ වීයේ දී ගිලිහි ගිය රැකියාව සඳහා තවමත් ඇලුම් කරන බව සඳහන් කර තිබීම විශේෂත්වයක්.

 

කෙසේ වෙතත් වත්මන් වැඩිහිටි පිරිස ආරක්ෂාකාරී රැකියාවල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වන බවද සදහන් කර තිබෙනවා.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »