Search

සිංහ පැටවකු වීදි සංචාරය කළ තායි කත අත් අඩංගුවට: රියදුරා ශ්‍රී ලාංකිකයෙක්

සුරතලයට ඇතිකරන සිංහ පැටවෙක් මෝටර් රථයක නංවාගෙන තායිලන්තයේ පතායා නුවර වීදි සංචාරයේ යෙදවූ කතක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍යයේ වයිරල් වූ වීඩියෝවේ දැක්වෙන්නේ දම්වැලකින් ගැටගැසූ සිංහ පැටවෙක්, වහලය විවෘත සුදු පැහැති බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථයක පිටුපස ආසනයේ වාඩි කරවා කාන්තාවක් සහ පුරුෂයෙක් එම මෝටර් රථයේ ඉදිරිපස ආසනවල ගමන් කරන ආකාරය යි.

මෙම මෝටර් රථය රථය ධාවනය කර ඇත්තේ ලාංකිකයෙක් බවත් සිදුවීමෙන් පසුව ඔහු රටින් පිටව ගොස් ඇති බවත් BBC පුවත් සේවය වාර්තා කරයි.

තායිලන්තය තුළ සිංහයකු ඇතිකිරීම නීති විරෝධී නොවන නමුත් නිළ ලියාපදිංචියක් තිබිය යුතු වනවා.

අදාළ කාන්තාවට මෙම සිංහ පැටවා තායි පුද්ගලයෙක් ගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ අනුව, ඔහු සිංහ පැටවා පතායා නුවරට ගෙනවිත් දී ඇති නමුත් ඊට ප්‍රථම නීතිමය අවසරය ලබාගැනීමට අපොහොසත්ව ඇති බැවින් මෙම සත්වයා ප්‍රවාහනය සහ හිමිකාරිත්වය නීති විරෝධීව සිදුව ඇති බවට බලධාරීහු පවසනවා.

ඒ අනුව, අවසරයකින් තොරව වන සතෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත බාත් ලක්ෂයක දඩයකට සහ වසරක සිර දඬුවමක් ඇයට නියම වී තිබෙනවා

එසේම, කුලියට ගත් නිවාඩු නිකේතනයේ සිංහ පැටවා රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකිකයා සොයා ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඔහුට මාස 6ක සිර දඬුවම් සහ බාත් පනස් දහසක දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇති බවත් වාර්තා වන්නේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »