පැරණි හෝ වත්මන් සහකරු අතින් මිය යන ඔස්ට්‍රේලියානු කාන්තාවන්

සෑම සතියකම ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් වර්තමන් හෝ අතීත සහකරුවෙකු විසින් ඝාතනය කරනු ලබන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

 

මෙලස  2023 වසරේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මෙවැනි කාන්තා ඝාතන සංඛ්‍යාව 49ක්.

 

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් එක්ව 2022ත් 2032 අතර කාලසීමාව තුළ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික සැලැස්මක් එළිදැක්වුව ද ගෝලිය වශයෙන් මේ තත්වය තවදුරටත් වර්ධනය වන බවයි වාර්තා වන්නේ.

 

එම සංඛ්‍යා දත්ත අනුව පෙනී යන්නේ සාමාන්‍ය ඔස්ට්‍රේලියානු කාන්තාවක් මෙලෙද ඝාතනය වීමට වාඩා ස්වදේශිය කාන්තාවක් ඝාතනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.

 

කාන්තා හිංසනය සමාජයෙන් තුරන් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් දේශීය වශයෙන් නොමැතිකම ද මේ තත්වය වර්ධනයට හේතු වන බව විචාරකයින් පවසනවා.

 

ලබන මාර්තු 8 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීමේ ප්‍රදේශීය මට්ටමේ ව්‍යාපෘති රැසක් සංවිධානය කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »