ඔස්ට්‍රේලියාවේ Online රැකියා සඳහා Apply කරන්න කලින් දෙපාරක් හිතන්න

ඔස්ට්‍රේලියාව තුළ අන්තර්ජලය ඔස්සේ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

Scamwatch නවතම වාර්තා අනුව පෙනි අන්නේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ ව්‍යාජ අන්තර්ජාල රැකියා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වු මුදල ඩොලර් මිලියන 24.7ක් බවයි.

ජීවන වියදම ඉහළයෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් අමතර ආදායමක් ඉපැයීමේ අරමුණින් රැකියා ඇබැර්තු පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බව සදහන්.

කෙසේ වෙතත් රැකියා ලබා ගැනීමට හෝ අදාළ සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගිවීමට පෙර කිසිදු මුදලක් ලබා නෙදෙන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා

මේ අනුව Scamwatch වාර්තා පෙන්වා දෙන්නේ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියා මේ වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

මෙම වංචනික ක්‍රියාවන් සිදු කරන්නන් ප්‍රසිද්ධ දෙපාර්තමේන්තු ,වෙළඳසැල්ල , හෝටල්,සංචාරක සමාගම් වල යෙදුම් උපයෝගිකරගනිමින් ප්‍රවර්ධන කටයුතු සිදු කරන බව සදහන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »