ඔස්ට්‍රේලියාවට පැමිණි විදෙස් සිසුන් වාර්තාගත ලෙස ආපසු හැරි යයි.

නව මූල්‍ය වර්ෂයට අදාළව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන වැඩසටහන් කප්පාදු කිරීමත් සමග මෙරට අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් සංඛ්‍යාව 375000 දක්වා පහත වැටී තිබෙනවා.

 

ඒ අනුව මෙම මස පාඨමාලා ආරම්භ කිරීමට අයදුම් කළ විදේශ සිසුන් දහස් ගණනක් ආපසු හරවා යැවීමට ෆෙඩරල් අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා.

 

දශක දෙකකට පසු ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රදානය සියයට 20කින් පහත හෙළිමත් සමග ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණිකයින්ගේ දැඩි පහත වැටීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

ඉදිරි මූල්‍ය වර්ශයේ දී මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙ සංඛ්‍යාව 250000දක්වා අඩුවනු ඇතැයි සඳහන්.

 

පසුගිය වසරේ එළිදක්වන ලද රජයේ සංක්‍රමණ උපාය මාර්ගයෙන් සිසුන්ට දැඩි ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පනවා ඇති අතර ඔවුන් රටට ඇතුල්වීමට පෙර සිසුන්ගේ වත්මන් අධ්‍යාපන තත්වය තහවුරු කිරීම අනිවාර්ය වනු ඇති.

 

ඔස්ට්‍රේලියාවට පැමිණිය ද ඔවුනට සරිලන රැකියා සොයාගැනීමට නොහැකිවුවහොත් මෙරට රැඳී සිටීම තවදුරටත් දුෂ්කර වනු ඇති බවද සඳහන්

 

මේ අතර විචාරකයින් පෙන්වා දෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම හෝ ඔවුන්ගේ වීසා අයදුම්පත් සඳහා ඉහළ ගාස්තු අගකිරීම සම්බන්ධයෙන් යම් මතභේදයන් රට තුළ නිර්මාණය වී ඇති බවයි.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »