
දින 7කසිට වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින කාන්තාව සෙවීමේ මෙහෙයුම් සතිඅන්තය තුළ තවදුරටත් පුළුල් කර ඇති බව පොලිසිය පවසනවා.
අතුරුදන් වූවන් පිළිබඳ රහස් පරීක්ෂක නිලධාරීන්, සවුම් සහ ගලවා ගැනීම්බලකායද හා නිල පොලිස් සුනඛයින්ද යොදාගනිමි මෙම සෙවීමේ කටයුතු පුළුල් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.
51 හැවිරිදි සමන්තා මර්ෆි අවසන් වරට දැක ඇත්තේ නැගෙනහිර යුරේකා වීදියේ පිහිටි සිය නිවසින් පිටත්ව කැනේඩියානු ප්‍රාන්ත වනාන්තරය ප්‍රදේශයේ උදෑසන ව්‍යායාම් සදහා දිවීමට යන අවස්ථාවේදීයි

එතැන් පටන් ඈ පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීම හැකිව තිබුණේ නැහැ
වික්ටෝරියා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාදේශීය පොලිසිය විසින් ප්‍රදේශ අවට සෝදිසි කිරීම් පුලුල් කරන අතර අපරාධ විධි විධාන වලට අනුව පර්යේෂණ මෙහෙයවන බවයි.

සමන්තගේ අතුරුදහන් වීම පිටුපස කිසියම් අමානූෂික ක්‍රියාවක් සිදුව තිබේද යන්න පිළිබඳ පැවසීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී මාර්ක් හැට් සඳහන් කළේ.
සොදිසි කිරීමේ කටයුතුසදහා නිරතුරු අතුරුදන්වූ අමන්තාගේ පවුලේඅය සමග සබදතා පවත්වාගෙන යන බවයි.
ඇය අවසන් වරට දැක ඇති CCTV දර්ශණ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි 4 වනදා උදෑසන 7 සිය සවස 7 දක්වා කාලය තුළ එම සීමාවේ සිටි සෑම කෙනෙක්ම තම නිවෙස් හා වාහන වල වූ CCTV දර්ශණ පරික්ෂා කර මෙහෙයුම් වලට සහය දෙන්නැයි රහස් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.