ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇරඹි 7 වැනි ඉන්දිය සාගර සමුළුවට එක්වු ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනි වොනග් අතර ද්විපාර්ශවීය හමුවක් ඊයේ පැවැත්වුණා.
මෙම හමුව අතරතුර, අමාත්‍ය වොන්ග්, ජනාධිපති වික්‍රමසිංහ වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ අතර, සමුළුවේදී ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගයට ස්තුතිය පල කරා.
රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍ය වොන්ග් සදහන් කළේ ඉන්දියානු සාගර කලාපයට සහ අදාළ ජාතීන් සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම සඳහා තම රජය කැපවී සිටින බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ගාසා තීරයේ යුද්ධය කඩිනමින් නිමා කිරීම අත්‍යවශ්‍යතාව ගැනද අවදාරනය කර තිබෙනවා.
පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාව විසින් සිදුකරනු ලබන ආයෝජනයන් පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති වික්‍රමසිංහ, එම ක්ෂේත්‍රයට ඔස්ට්‍රේලියානු සමාගම්වල මැදිහත්වීම ගැනද සඳහන් කර තිබුණා.
කොළඹ සැලැස්ම දක්වා දිවෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඓතිහාසික සබඳතා ආවර්ජනය කරමින් නායකයන් දෙපළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තම කැපවීම තහවුරු කළ බවයි වාර්තා වන්නේ