සති අන්ත එළිමහන් ගැවසීම් ගැන මෙල්බන් වැසියන්ට දැනුම්දීමක්

මෙල්බන් අගනුවර මෙම සති අන්තය වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සහිත උණුසුම් සති අන්තය ලෙස සඳහන් කර තිබෙනවා.

 

දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක  ස්ථාවර  අගය සවස් වනු තුරුම පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යංශ අනතුරු අගවා ඇත්තේ

 

මෙම උෂ්ණත්වය අඛණ්ඩව තවත් දින 2ක් පවතිනු ඇතැයි කාළගුණ අංශ පුරෝකතනය කර තිබෙනවා.

 

එළඹෙන සඳුදා දින මෙල්බන් හී උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා වර්ධනය වනු ඇතැයි සඳහන් කරන අතර ජනතාව එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමට සැළසුම් කරන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

 

ඉරිදා සහ සඳුදා දිනවල රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස්  අංශක 20 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

මෙම සති අන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස්  අංශක 40ක උපරිම අගක් ගැනෙනු ඇතැයි සඳහන්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »