Sun Bed භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය අනතුරේ

ඔස්ට්‍රේලියාව තුළ ප්‍රවර්ධනය වන ආරක්ෂිත යැයි පවසන Sun Bed භාවිතය ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය අනතුරේ දැමීමක් බව විශේෂඥයින් පවසනවා.

එම Sun Bed භාවිත කරන්නන්ට පිළිකා අවදානමක් ඇකි බවයි අනාවරණය වී ඇත්තේ

සෞඛ්‍යයට හිතකර ලෙස ප්‍රචාරය කර ජනතාව නොමග යවා ඇති බවද සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කිරීමත් සමඟ විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අගවා ඇත්තේ එම ඇඳන් භාවින කිරීම අනතුරු දායක බවයි.

මෙලෙස භාවිත කිරිමෙන් මෙලනෝමා සහ අනෙකුත් සමේ පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ජෝසප් ස්කොට් පවසයි

මේ හේතුවෙන් තරුණ ප්‍රජාවට වැඩි අවදානමක් ඇති අතර ඔවුන්ගේ සම ආරක්ෂා කර ගැනීම සඳහා අධිව සුපරීක්ෂාකාරී විය යුතුය බව සඳහන්

ඔස්ට්‍රේලියාවේ චර්ම පිළිකාවකින් සෑම පැය හයකට වරක් එක් අයෙක් මිය යන බව හඳුනා ගැනීමත් සමග මෙලෙස නොමඟ යවන වෙළඳ ප්‍රචාරණය මගින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය අවධානමක් කරා ගෙනයෑමෙන් වළකින්නැයි අලෙවි ආයතන වලටද දන්වා සිටිනවා

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »