
ඔස්ට්‍රේලියාව තුළ වැඩිම රැකියා උත්පාදනය කළ පාලන සමය වත්මන් රජය බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ඒ අනුව හය ලක්ෂ පනස්දහසකට වැඩි රැකියා රට තුළ නිර්මාණය කළ එකම රජය වත්මන් රජය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කර්මාණ්ත අංශ පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයක් නියෝජනය වන පරිදී නව රැකියා බිහි කිරීමට ඉදිරියේදි හැකිවනු ඇති බවයි.

එසේම සේවා ප්‍රමීතීන් හදුන්වාදෙමින් වඩාත් උසස් සේවයක් සඳහා සෑම අයෙකුට වු අයිතින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලැබුණු අවස්තා ගැන ද අග්‍රාමාත්‍ය වරයා අවධාරණය කළා.
නව රැකියා පමණක් නොව, සේවකයින්ට වැඩි වැටුපක් ගෙවීමට අවශ්‍ය නීති මෙන්ම සේවකයින් තම රැකියාව තුළ ආරක්ෂාරි ලෙස ජීවත් වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට අදාළ නීති සම්පාදනය කිරීම වත්මන් රජය යටතේ සිදුවු බව ද ඇන්තනී ඇල්බනීස් සඳහන් කළා.

ඉදිරියේ දී ද තම රජය යටතේ රැකියා උත්පාදනයට අදාළ නව නීති සම්පාදනය සඳහා සුදානම් බව ද එහිදි සඳහන් කළා.