තිරිංග ක්‍රියා විරහිතවීමෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය මෝටර් රථයක් යළි කැඳවයි

තිරිංග ක්‍රියා විරහිතවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය Chery Australia මෝටර් රථ 6000 යළි කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ Chery Australiaසමාගමේ Omoda 5 මාදිලියේ මෝටර් රථයි.

2023 වසර මැද සිට දේශීය බෙදාහැරීම් ආරම්භ වූ සියලුම මෝටර් රථ කැඳවා තිබෙනවා.

නිශ්පාදනයේ දෝෂයක් හේතුවෙන් නිසි පරිදි තිරිංග ක්‍රියා නොකිරීමෙන් බරපතල අනතුරු මෙන්ම ජීවත හානි පවා සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ

ඔමෝඩා 5 හිමිකරුවන්ට උපදෙස් දී ඇත්තේ තම අලෙවි නියෝජිතයන් හා සම්බන්ධ වී වාහන වල තිරිංග පරික්ෂාවන් සිදු කර අදාළ අලුත්වැඩියා කටයුතු නොමිලේම සිදු කරගන්නා ලෙසයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා 1800 424 379 යන දුරකතන අංක ඔස්සේChery Australia සම්බන්ද වන්නැයි දැනුම් දි තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »