වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස අවම ප්‍රමිතීන් සපුරා නැහැ

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව ඇත්තේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බවයි.

 

පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය  විසින් සිදු කළ රහසිගත සමීක්ෂණයකට අනුව දැරිය හැකි මිල මට්ටම් වල පවතින නිවාස වල නඩත්තුව සම්බන්ද ගැටළු හා අවම ප්‍රමිතීන් පිළිබඳ ගැටළු  පැවති බවයි.

 

පවතින තරඟකාරී කුලීනිවාස වෙළඳපොල හේතුවෙන් බොහෝදෙනෙක් අනාරක්ෂිත හා ජීවත්වීමට නුසුදුසු නිවාස තෝරාගැනීමට පෙළඹෙන බවද අනාවරණය වී තිබෙනවා.

 

වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී දේපල සඳහා තිබිය යුතු අවම ප්‍රමිතීන් 2021 වසරේදි මාර්තු 29 වන දා නිකුත් කර තිබුණා.

 

එම ප්‍රමිතීන්ට අනුව පිටත දොරවල් සඳහා දොර අගුලු තිබීම, විවෘත කල හැකි සහ වැසිය හැකි පිටත ජනේල, නිවසේ සියලු කොටස් ආවරණය වන පරිදි විදුලි බුබුළු,හොඳ තත්වයේ මුළුතැන් ගෙයක් සහ හොඳ තත්වයේ පවතින වැසිකිලියක් යන නිර්නායකයන් ඊට ඇතුළත්.

 

මෙල්බන් අගනුවර සහ තදාසන්න කුලී නිවාස 100කට වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කරමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර මෙම නිවාසවලින් හතරෙන් එකකට වඩා නඩත්තු ගැටළු පවතින බවයි වාර්තා වී ඇත්තේ

 

අඩු කුලී මිල ගණන් යටතේ පවතින නිවාස වලින් සියයට 40 ක් පමණ හොඳින් නඩත්තු කර නැති බව හෙළිව තිබෙනවා.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »