Search

වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්වූ සමන්තා සොයා 5වන දිනටත් මෙහෙයුම්

දින 5ක සිට වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින කාන්තාව සෙවීමේ මෙහෙයුම් අතුරුදන් වූවන් පිළිබඳ රහස් පරීක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

 

51 හැවිරිදි  සමන්තා මර්ෆි අවසන් වරට දැක ඇත්තේ නැගෙනහිර යුරේකා වීදියේ පිහිටි සිය නිවසින් පිටත්ව කැනේඩියානු ප්‍රාන්ත වනාන්තරය ප්‍රදේශයේ උදෑසන ව්‍යායාම් සදහා දිවීමට යන අවස්ථාවේදීයි‍‍

 

එතැන් පටන් ඈ පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීම හැකිව තිබුණේ නැහැ‍

 

ඒ අනුව වික්ටෝරියා පොලීසිය සහ අතුරුදහන් වූවන් පිළිබඳ රහස් පරීක්ෂක නිලධාරීන් එක්ව පුලුල් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

 

වික්ටෝරියා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාදේශීය පොලිසිය විසින් ප්‍රදේශ අවට සෝදිසි කිරීම් පුලුල් කරන අතර අපරාධ විධි විධාන වලට අනුව පර්යේෂණ මෙහෙයවන බවයි.

 

සමන්තගේ අතුරුදහන් වීම පිටුපස කිසියම් අමානූෂික ක්‍රියාවක් සිදුව තිබේද යන්න පිළිබඳ පැවසීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී මාර්ක් හැට්  සඳහන් කළේ.

 

ඇය අවසන් වරට දැක ඇති CCTV දර්ශණ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි 4 වනදා උදෑසන 7 සිය සවස 7 දක්වා කාලය තුළ එම සීමාවේ සිටි සෑම කෙනෙක්ම තම නිවෙස් හා වාහන වල වූ CCTV දර්ශණ පරික්ෂා කර මෙහෙයුම් වලට සහය දෙන්නැයි රහස් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »