ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට අගමැතිගෙන් උපදෙස්

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හා පවුල් ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගිලිහි යෑම හේතුවන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

 

මෙම තත්වය පාලනය කිරීම සඳහා පාසැල් මට්ටමේ සිට පිරිමි දරුවන් සඳහා අවබෝධයක් ලබා දීම වැදගත් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

 

කාන්තාවන්ට සහ කුඩා ගැහැණු ළමුන් අපයෝජන සහ  හිංසනයනට ලක්වීමේ ප්‍රවනතාව ඔස්ටේ්‍රලියාව තුළ ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත අනුව පෙන්නුම් කෙරෙන බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ.

 

අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රටේ පවතින අපයෝජන චක්‍රය අවසන් කිරීම සඳහා පිරිමි දරුවන් හට මෙන්ම වැඩිහිටි තරුණ පරම්පරාවට මේ පිළිබඳ අධ්‍යාපනය ලබා දීම වැදගත් බවයි

 

මේ තත්වය තවදුරටත් එළෙසම පැවතින්නේ නම් ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩත්වය පාලනය කළ නොහැකි සමාජ ගැටලුවක් වන අතර මේ පිළිබඳ පුපුල් සමාජ කතිකාවක් නිර්මාණය කිරීම සඳහා සිවිල් සංවිධාන පවා එක් විය යුතු  බව අගමැතිවරයා අවධාරණය කළා.

 

වර්තමානයේ  ඔස්ටේ්‍රලියාවේ ගෘහස්ත හිංසනය සියයට 11.3කින් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »