ඔස්ට්‍රේලියානු ළමුන් 1/7 මානසික සෞඛ්‍ය ආබාධයන්ට ලක් වෙයි

වයස අවුරුදු 4ත් 17ත් වයස්සීමාවේ පසුවන සැම ඔස්ට්‍රේලියානු ළමුන් 7 දෙනෙකුගෙන් එක් අයෙක් මානසික සෞඛ්‍ය ආබාධයකට පත්ව ඇති බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

 

කාංසාව,මානසික අවපීඩනය මේ අතුරින් ප්‍රධාන වන අතර කොවිඩ් වසංගත කාලසීමාව තුළ මෙම තත්වය පවතින අගයට සාපේක්ෂව ඉහළ අගයක් ගැනුණා.

 

දෙමාපියන් තම  දරුවන්ගේ හැසිරීම තුළ යම් වෙනසක් දකින්නේ නම් හෝ ඔබේ දරුවාට මානසික සෞඛ්‍ය ගැටලුවක් ඇති බව ඔබ සිතන්නේ නම් ළමා උපකාර සේවා හා සම්බන්ධ වන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

 

යහපත් මානසික සෞඛ්‍යයක් තිබීම සෑම දරුවෙකුගේම නිරෝගී සංවර්ධනයට සහ යහපැවැත්මට ප්‍රධාන අංගයක් ලෙසයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

 

දරුවෙකුගේ මානසික සෞඛ්‍යයට පවුල් තත්වයන්, පාසල් ජීවිතය සහ එදිනෙදා අත්දැකීම් වැනි බොහෝ දේ බලපෑම් කරන ආකාරය පිළිබඳව දෙමාපියන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවද සඳහන්.

 

ළමුන් ඕනෑම වයසකදී මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳිය හැකි වුවද, ඔවුන් වයස අවුරුදු 12 ත් 16 ත් අතර අවදානම් කාලසීමාව ලෙසයි නම් කර ඇත්තේ.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »