ගෝලීය උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ යනු ඇති බවටයි විද්‍යාඥයින් සඳහන් කළේ.
කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ගෝලීය ඌෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.
දැනට සිදු කෙරෙන කාබන් විමෝචනය සීමා කිරීමට නිසි පියවර නොගතහොත් ඉදිරියේ දී තවදුරටත් ගෝලිය ඌෂ්ණත්වය ඉහළ යා හැකි බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.
ලොව සෑම රටකම පාහේ දේශපාලන හා විද්‍යාත්මක දායකත්වය එම අරමුණ වෙනුවෙන් කැප කළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.
2015 වසරේ ලොව සියලු රටවල් එළඹි පැරිස් එකඟතාවයේ යෝජනාවන් ක්‍රියාත්මක නොකිරීම ඌෂ්ණත්වය ඉහළ යාමට දැඩි ලෙස බලපා ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
2023 වසර ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වු 8 වන උෂ්ණ අධිකම වසර ලෙස නම් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා කාර්යාංශයේ නව දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ වාර්තාගත උෂ්ණත්වයක් පැවති අතර අවසන් වරට මෙවැනි ඉහළ උෂ්ණත්වයක් සටහන්ව ඇත්තේ 2020 වසරේ දීයි.
සෑම ප්‍රාන්තයකම උපරිම සහ අවම උෂ්ණත්වය යන දෙකම සාමාන්‍යයට වඩා වැඩි අගයක් ගත් බවයි වාර්තා වී ඇත්තේ.
ජූනි, ජූලි, අගෝස්තු,සැප්තැම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස මෙලෙස වාර්තාගත ඉහළ උෂ්ණත්වයන් සහිත මාස අතරට එක්වුණා.
මේ අතර පසුගිය ඔක්තෝබර් 15 වනදා ඔස්ට්‍රේලියාවේ උෂ්ණ අධිකතම දිනය ලෙස වාර්තා අතරට එක්වුණා.