Search

නීති විරෝධී අධිමාත්‍රා ඖෂධ ඔස්ට්‍රේලියාවේ ජනගහනයට වඩා වැඩිවෙයි

අධි මාත්‍රා සහිත නීතිවිරෝධි ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ජීවත තර්ජන වලට මුහුණ දී සිටින බව හෙළිව තිබෙනවා

 

පෙනිංටන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් රයන් අනතුරු අඟවා ඇත්තේ මෙලෙස අධි මාත්‍රික නිති විරෝධී ඖෂධ ප්‍රමාණය ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය අභිබවා යන බවයි.

 

වසරකට අධි මාත්‍රික ඖෂධ හේතුවෙන් සිදුවන මරණ 2000 කට වඩා වැඩි වන අතර අධි මාත්‍රා භාවිතයෙන් සිදුවන මරණ මාර්ග අනතුරු වලින් සිදුවන මරණ වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්න බව සඳහන්.

 

ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට සපේක්ෂව නිෂ්පාදනය වන අධිමාත්‍රික නීති විරෝධී ඖෂධ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සඳහන්.

 

ඉදිරියේ දී මෙම තත්වය තවදුරටත් භයානක තත්වයක් රට තුළ නිර්මාණය වීමට ප්‍රවේශටක් වන අතර මෙම අධි මාත්‍රීක ඖෂධ නිෂ්පාදනය හා අපනයනයන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද සඳහන්.